Ultimate magazine theme for WordPress.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයින් 9 දෙනෙකුට අනතුරු ඇගවීමක්

පාකිස්තාන ක්‍රීඩකයින් 9 දෙනෙකු සහ නිළධාරීන් තිදෙනෙකු රාවල්පින්ඩිහි පිහිටි ඔවුන් නවාතැන් ගෙන සිටි හෝටලයේ ජෛව ආරක්ෂිත පරිසරයෙන් මිදී කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම කිසිසේත් පිළිගත නොහැකි බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

එරට ජාතික පන්දුවාර 20යි 20 කුසලාන තරගාවලිය අතරතුර දී යි ඔවුන් මෙලෙස කොරෝනා මාර්ගෝපදේශ උල්ලංඝනය කර ඇත්තේ.

මෙම සිද්ධිය හේතුවෙන් අදාළ 12 දෙනාට එරෙහිව අනතුරු ඇගවීමක් ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිකුත් කර ඇති බව සදහන්.

අනතුරුව ඔවුන්ට කොරෝනා වෛරසයට අදාළ වෛද්‍ය පරීක්ෂණ ද සිදු කර ඇති අතර, සියලු දෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව අණාවරණය වී තිබෙනවා.

අදාළ ක්‍රීඩකයින් 9 දෙනා අතර ජාතික කණ්ඩායම නියෝජනය කරන තිදෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

ඉදිරියේ දී කිසියම් අයෙකු මෙම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් තරගාවලියට අදාළව නිර්මාණය කර ඇති ජෛව ආරක්ෂිත පරිසරයට බලපෑම් කළහොත් ඔවුන් මෙම තරගාවලියෙන් සහ ඉදිරි තරගාවලියන්ගෙන් ඉවත් කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

Leave a comment