Ultimate magazine theme for WordPress.

පාකිස්තාන කණ්ඩායම අද දිවයිනට

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් පාකිස්තාන කණ්ඩායම අද(6) පස්වරුවේ දිවයිනට පැමිණෙනවා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය එළඹෙන ජූලි 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දෙවැනි ටෙස්ට් තරගය ජූලි 24 වැනිදා ආරම්භ වන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.

බබාර් අසාම්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්. සංචිතය සදහා පා දග පන්දු යවන ක්‍රීඩක යසීර් ශාහ් යළි කැදවීමටයි පියවර ගෙන තිබුණේ. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ අගෝස්තු මාසයේ දී යි.

සල්මන් අලී හා මොහොමඩ් නවාස් ද පාකිස්තාන ටෙස්ට් සංචිතයට නම් කර තිබෙනවා.

ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු, මැද පෙල පිතිකරුවන් සිව්දෙනෙකු, තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙකු, කඩුලු රකින්නන් දෙදෙනෙකු, දග පන්දු යවන්නන් දෙදෙනෙකු හා වේග පන්දු යවන්නන් සිව් දෙනෙකු පාකිස්තාන සංචිතයට ඇතුළත්.

පාකිස්තාන කණ්ඩායම අවසන් වරට ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වුණේ 2015 වසරේ දී යි.

එහිදී පැවැති ටෙස්ට් තරගාවලියෙන් පාකිස්තානය තරග 2-1ක් ලෙස ජය ගත්තා.

තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

Pakistan squad for Sri Lanka Tests:

Babar Azam (c), Mohammad Rizwan (vc, wk), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wicketkeeper), Saud Shakeel, Shaheen Afridi, Shan Masood and Yasir Shah

3 Day Warm Up : 11th to 13th July 2022 : Colts – Colombo

1st Test Match : 16th to 20th July 2022 : GICS, Galle

2nd Test Match : 24th to 28th July 2022 : RPICS, Colombo

Leave a comment