Ultimate magazine theme for WordPress.

පාකිස්තාන එක්දින කණ්ඩායමේ නව නායකයා බබාර් අසාම්

පාකිස්තාන එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස බබාර් අසාම් පත් කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ ජූලි පළමු වැනිදා සිට ආරම්භ වන 2020/21 තරග වාරය වෙනුවෙන් බබාර් අසාම් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇති බවයි.

මීට පෙර ඔහුව 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස පත් කළ අතර, ඒ අනුව බබාර් අසාම් මේ වන විට එරට සීමිත පන්දුවාර තරග අංශ දෙකේම නායකයා ලෙස කටයුතු කරනවා.

මීට පෙර පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ සර්ෆ්‍රාස් අහ්මඩ්.

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස අසාර් අලී ඉදිරියටත් කටයුතු කරනු ඇති.

2020/21 තරග වාරයේ දී පාකිස්තානය ටෙස්ට් තරග 9ක්, එක්දින තරග 6ක්, 20යි 20 තරග 20ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඊට අමතරව ඔවුන් ආසියානු කුසලාන තරගාවලියට සහ 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ද එක් වනු ඇති.

Leave a comment