Ultimate magazine theme for WordPress.

පාකිස්තානය පාට මාරු කරපු හේතුව මෙන්න

පාකිස්තානය හා එංගලන්තය අතර අද(20) පැවැත්වෙන පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා පාකිස්තාන කණ්ඩායම විශේෂ ඇදුමකින් සැරසී ක්‍රීඩා කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

එංගලන්ත කණ්ඩායම මෙලෙස පාකිස්තානයේ තරග සංචාරයක නිරත වන්නේ වසර 17 කට පසුව වීම ද විශේෂත්වයක්.

මෙම සංචාරයේ දී දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියට තරග 7ක් ඇතුළත්ව තිබීම ද කැපී පෙනෙන කරුණක්.

අද තරගයේ දී පාකිස්තානය විශේෂ ඇදුමකින් සැරසී ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු කළා.

පසුගිය දිනවල ඇති වූ ගංවතුර තත්ත්වයෙන් පාකිස්තානයට සිදු වූ බලපෑම පිළිබද අවධානය යොමු කිරීමේ අරමුණිනුයි ඔවුන් මෙලෙස විශේෂ ඇදුමකින් සැරසීමට තීරණය කර ඇත්තේ.

මෙම ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් මිලියන 33 කට පමණ බලපෑම් එල්ල වූ අතර, පුද්ගලයින් 1,500 කට වැඩි පිරිසක් මිය ගියා.

සිදු වූ හානිය ඇස්තමේන්තුගත කර ඇත්තේ අමෙරිකානු ඩොලර් බිලියන 30 ක් ලෙසයි.

Leave a comment