Ultimate magazine theme for WordPress.

ප්‍රසන්නට කුමක් සිදු වේද? – රම්ඩින් නව කණ්ඩායමකට

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම විසින් මෙතෙක් ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළ කොදෙව් පිතිකරු දිනේෂ් රම්ඩින් මිල දී ගෙන තිබෙනවා.

2017 සහ 2018 වසරවලදී අඛණ්ඩව දෙවරක් කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාවය දිනා ගැනීමේ දී නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස දිනේෂ් රම්ඩින් කටයුතු කළා.

කෙසේ වෙතත්, කණ්ඩායමේ නායකයා වූ කාර්ලස් බ්‍රැත්වෙයිට් තවදුරටත් කණ්ඩායමේ රදවා නොගැනීමටයි ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම තීරණය කර ඇත්තේ.

කණ්ඩායමේ නව නායකයා ලෙස පත් කර ඇත්තේ 39 හැවිරිදි Rayad Emrit.

Simon Helmot ශාන්ත කිට්ස් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.

මේ අතර ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් සිය සංචිතයේ සිටි කොදෙව් ක්‍රීඩකයින් 8 දෙනෙකු තවදුරටත් රදවා ගෙන ඇති අතර, ඒ අතරට, නායක කිරන් පොලාඩ්, ඩ්වේයන් බ්‍රාවෝ, ඩැරන් බ්‍රාවෝ සහ සුනිල් නරායන් ඇතුළත්.

නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් පසුගිය වසරේ දී ශ්‍රී ලංකා තුන් ඉරියන් ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න ද ක්‍රීඩා කළ නමුත්, මෙවර තරග වාරය සදහා ඔහුව රදවා තබා ගෙන ඇත්දැයි මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඔහු ඇතුළු සෙසු විදෙස් ක්‍රීඩකයින් රදවා තබා ගැනීම් සම්බන්ධයෙන් සහ නව ක්‍රීඩකයින් සමගින් ගිවිසුම් අත්සන් කිරීම් සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

ශාන්ත කිට්ස් කණ්ඩායම විසින් එවින් ලුවිස්, ෆේබියන් ඇලන් ඇතුළු ක්‍රීඩකයින් 5 දෙනෙකු ද 2020 තරග වාරය වෙනුවෙන් සංචිතයේ රදවා ගැනීමට තීරණය කර ඇති බව සදහන්.

මෙවර සී.පී.එල් තරගාවලිය අගෝස්තු 19 වනදා සිට සැප්තැම්බර් 26 වනදා දක්වා පැවැත්වීමට නියමිත නමුත්, කොරෝනා වෛරසයේ බලපෑම පිළිබද සලකා බලා ඒ පිළිබද අවසන් තීරණයක් ගනු ඇති.

තරගාවලිය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු ද (draft) ඉදිරියේ දී සිදු කිරීමට නියමිතයි.

නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් රදවා තබා ගත් සහ අත්සන් කළ කොදෙව් ක්‍රීඩකයින් 10 –

Dwayne Bravo (Trinidad & Tobago)
Kieron Pollard (Trinidad & Tobago)
Sunil Narine (Trinidad & Tobago)
Darren Bravo (Trinidad & Tobago)
Lendl Simmons (Trinidad & Tobago)
Khary Pierre (Trinidad & Tobago)
Jayden Seales (Trinidad & Tobago)*
Amir Jangoo (Trinidad & Tobago)*
Tion Webster (Trinidad & Tobago)
Akeal Hosein (Trinidad & Tobago)

*Emerging player

ශාන්ත කිට්ස් කණ්ඩායම විසින් රදවා තබා ගත් සහ අත්සන් කළ කොදෙව් ක්‍රීඩකයින් –

Evin Lewis (Trinidad & Tobago)
Fabian Allen (Jamaica)
Sheldon Cottrell (Jamaica)
Denesh Ramdin (Trinidad & Tobago)+
Rayad Emrit (Trinidad & Tobago)
Alzarri Joseph (Leeward Islands)
Dominic Drakes (Barbados)*

+ Transfer from Trinbago Knight Riders
* Emerging player

Leave a comment