Ultimate magazine theme for WordPress.

ප්‍රබල වෙනස්කම් තුනක් සමගින් හෙට ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න

සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට පෙරවරු 10 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ප්‍රථම තරගයෙන් එංගලන්ත කණ්ඩායම ජය ලබාගැනීම හේතුවෙන් මෙම තරගයේ ජය පැරදුම කණ්ඩායම් දෙකමට අතිශය වැදගත්වනු ඇති.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටි ක්‍රීඩකයින් පස් දෙනෙකු ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවත් කිරීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

අවසන් ඉනිම් කිහිපය තුළ ඉතාමත් අසාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්වූ කුසල් මෙන්ඩිස් ද ඊට ඇතුළත්.

ඒ අනුව ඔහු ඇතුළුව පළමු තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් තිදෙනෙකුට හෙට ආරම්භ වන දෙවැනි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

කුසල් මෙන්ඩිස්ගෙන් පුරප්පාඩු වන ස්ථානය වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු ක්‍රීඩා කිරීමට නියමිත බව සදහන්.

එමෙන්ම දසුන් ශානක වෙනුවට වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද, පළමු තරගය තුළ දී ද පන්දු යැවීමෙන් දක්ෂතා ප්‍රදර්ශනය නොකළ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට නවක ක්‍රීඩක රමේශ් මෙන්ඩිස් ද කණ්ඩායමට නම් කිරීමට ඉඩ තිබෙනවා.

රමේෂ් මෙන්ඩිස් මෙතෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගෙන නැහැ.

දෙවන හා අවසන් තරගයේදී ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වන කණ්ඩායම ශ්‍රී ලංකා :

Kusal Janith Perera, Lahiru Thirimanne, Oshada Fernando, Angelo Mathews, Dinesh Chandimal(c), Niroshan Dickwalla(wk), Ramesh Mendis, Dilruwan Perera, Suranga Lakmal, Lasith Embuldeniya, Asitha Fernando

Leave a comment