Ultimate magazine theme for WordPress.

ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් යුත් මහේල පුහුණුකාරීත්වය දරන මුම්බායි සංචිතය මෙන්න

14 වන වරටත් පවත්වන ලොව දැවැන්තම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වන ඉන්දිය ප්‍රිමියර් ලීගය අද පස්වරු 7.30 චෙන්නායී හීදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

පසුගියවර ශූරතාවය දිනාගැනීමට සමත් වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමගින් විරාට් කෝලී නායකත්වය දරන රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම සමාරම්භක තරගයේදී එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.

පෙර වර්ෂවලදී මෙන්ම මෙවරද ඉතාමත් ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී ද සෙසු කණ්ඩායම්වලට ප්‍රබල තර්ජනයක් වනු නොඅනුමානය.

ශ්‍රී ලංකා හිටපු විශිෂ්ඨ නායකයෙකු වන මහේල ජයවර්ධන පස්වෙනි වරටත් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්ව දරන අතර ඔහු ශූරතා ත්‍රිත්වයක් මුම්බායි කණ්ඩායම වෙනුවෙන් හිමිකරදීමට මහ පෙන්වනු ලැබුවා.

රෝහිට් ශර්මාගේ විශිෂ්ඨ නායකත්වය ද සමගින් මෙවර අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙසේයි –

Rohit Sharma (Captain), Aditya Tare, Anmolpreet Singh, Anukul Roy, Dhawal Kulkarni, Hardik Pandya, Ishan Kishan, Jasprit Bumrah, Jayant Yadav, Kieron Pollard, Krunal Pandya, Quinton de Kock, Rahul Chahar, Suryakumar Yadav, Chris Lynn, Mohsin Khan, Saurabh Tiwary, Trent Boult, Adam Milne, Nathan Coulter-Nile, Piyush Chawla, James Neesham, Yudhvir Charak, Marco Jansen, Arjun Tendulkar

Leave a comment