Ultimate magazine theme for WordPress.

පළමු 20යි 20න් බංග්ලාදේශයට ලකුණු 7ක තියුණු ජයක්

Match Report

එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග ඩුබායි හි පැවැති පළමු පන්දුවාර 20යි 20 තරගයෙන් ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී ලකුණු 158 ක් රැස් කළේ තරගය ජය ගැනීම සදහා ලකුණු 159 ක ඉලක්කයක් එමීර් කණ්ඩායමට ලබා දෙමින්.

කෙසේ වෙතත්, එමීර් රාජ්‍ය කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151 ක් පමණයි.

Chirag Suri ලකුණු 39 ක් හා Aayan Afzal Khan ලකුණු 25 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 21 කට කඩුලු 3 ක් ද, මෙහිදි හසාන් මිරාස් ලකුණු 17 කට කඩුලු 3ක් ද බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් අෆිෆ් හොසේන් නොදැවී ලකුණු 77 ක් රැස් කළේ පන්දු 55 කින්. නායක නුරුල් හසාන් නොදැවී ලකුණු 35(25) යි.

බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල ලකුණු 77 දී බිද වැටීමෙන් පසුව ඔවුන් දෙදෙනා 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 81(54) ක්.

පන්දු යැවීමේ දී Karthik Meiyappan ලකුණු 33 කට කඩුලු 2ක් බිද හෙලුවා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 2කින් යුත් 20යි 20 තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගෙන සිටින්නේ බංග්ලාදේශයයි.

Leave a comment