Ultimate magazine theme for WordPress.

පළමු තරගයේ ආරම්භක වේලාව වෙනස් කෙරේ

My 11 Circle ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙට(26) උත්කර්ෂවත් සමාරම්භක උත්සවයක් සමගින් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

සමාරම්භක උත්සවය පස්වරු 6.50ට ආරම්භ වන බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙවර තරගාවලිය සදහා කණ්ඩායම් 5ක් එක්වන අතර, දින 15ක් තුළ තරග 23ක් පැවැත්වීමට නියමිතයි.

එක් කණ්ඩායමක් මූලික වටයේ දී තරග 8කට ක්‍රීඩා කරන අතර, ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන 4 හිමි කර ගන්නා කණ්ඩායම් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබනු ඇති.

තරගාවලියේ සියලු තරග සදහා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ තණතීරු 10ක් යොදා ගැනීමට නියමිතයි.

පළමු තරගය ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බු කිංග්ස් කණ්ඩායම සහ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර හෙට රාත්‍රී 8ට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනය කළා.

මීට පෙර එම තරගය රාත්‍රී 7.30ට ආරම්භ වන බවටයි නිල තරග කාලසටහනේ සදහන්ව තිබුණේ.

ලබන 27 වනදා සහ ලබන 4 වනදා පැවැත්වෙන තරග පමණක් රාත්‍රී 8ට ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

පළමු තරගයේ දී පිටියේ විනිසුරුවන් ලෙස රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරුන් කටයුතු කරන අතර, තෙවන විනිසුරු ලෙස කටයුතු කරන්නේ රුචිර පල්ලියගුරුගේ මහතායි.

තරග තීරකවරයා ලෙස ග්‍රැහැම් ලැබ්‍රෝයි මහතා කටයුතු කරනු ඇති.

තරග කාලසටහන – (නොවැම්බර් 8 වනදා ප්‍රකාශයට පත් කළ තරග කාලසටහන)

 

COLOMBO KINGS :
Angelo Mathews (C), Andre Russell ✈️, Manpreet Singh Gony ✈️, Laurie Evans ✈️, Daniel Bell Drummond ✈️, Isuru Udana, Dinesh Chandimal, Amila Aponso, Ashan Priyanjana, Ravinderpal Singh ✈️, Qais Ahmad ✈️, Dushmantha Chameera, Jeffrey Vandersay, Theekshila De Silva, PHT Kaushal,
Lahiru Udara, Karim Khan Sadeq ✈️, Dhammika Prasad, Himesh Ramanayake, Kalana Perera, Tharindu Ratnayake, Navod Paranavithana.

KANDY TUSKERS :
Kusal Janith Perera (c), Brendon Taylor ✈️, Irfan Pathan ✈️, Munaf Patel ✈️, Sohail Tanveer ✈️, Kusal Mendis, Nuwan Pradeep, Seekuge Prasanna, Asela Gunaratne, Naveen Ul Haq ✈️, Rahmanullah Gurbaz (WK) ✈️, Kamindu Mendis, Dilruwan Perera, Priyamal Perera, Kavishka Anjula, Lasith Embuldeniya, Kevin Kottigoda, Vishwa Fernando, Lahiru Samarakoon, Nishan Madushka, Chamikara Edirisinghe, Ishan Jayaratne

Leave a comment