Ultimate magazine theme for WordPress.

පළමු ටෙස්ට් තරගය මාර්ක් වුඩ්ට අහිමි වෙයි

පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් හට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී මුහුණ දුන් ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් මේ බව තහවුරු කළා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දෙසැම්බර් පළමු වැනිදා රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතයි.

Show Comments (1)