Ultimate magazine theme for WordPress.

පළමු අලුබදුන තරගයට ඇන්ඩර්සන් නැහැ ; 12 දෙනෙකුගෙන් යුත් සංචිතයත් නම් කෙරේ

හෙට(8) ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජොනී බෙයාර්ස්ටව් වෙනුවට එම සංචිතයට නම් කර ඇත්තේ ඔලී පෝප්.

කාර්යය බහුල තරග කාලසටහන සැලකිල්ලට ගනිමින් වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් පළමු තරගය සදහා නම් කර නැහැ.

ඒ අනුව අවසන් 12 දෙනා අතරට එක්වීමේ අවස්ථාව ක්‍රිස් වෝක්ස්ට හිමිව තිබෙනවා.

12 දෙනාගේ සංචිතයට ඇතුළත් අනෙක් ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා වන්නේ ස්ටුවට් බ්‍රෝඩ්, ඔලී රොබින්සන් හා මාර්ක් වුඩ්.

ජැක් ලීච් ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස ඊට නම් කර තිබෙනවා.

පසුගිය කාලයේ දී ක්‍රිකට් පිටියෙන් විවේකයක් ලබා ගත් බෙන් ස්ටොක්ස් ද යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

එංගලන්තය ගැබා ක්‍රීඩාංගනයේ දී අවසන් වරට ටෙස්ට් තරගයක් ජය ගෙන ඇත්තේ 1986 වසරේ දී වීම විශේෂත්වයක්.

12 දෙනෙකුගෙන් යුත් සංචිතය –

  • Rory Burns, Haseeb Hameed, Dawid Malan, Joe Root (c), Ben Stokes, Ollie Pope, Jos Buttler (Wk), Ollie Robinson, Mark Wood, Chris Woakes, Stuart Broad, Jack Leach
Leave a comment