Ultimate magazine theme for WordPress.

පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට Aaron Phangiso ට චෝදනා

මේ දිනවල දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA 20 ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු හා Joburg Super Kings කණ්ඩායමේ වමත් දග පන්දු යවන ක්‍රීඩක Aaron Phangiso ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Pretoria Capitals කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති තරගයේ දී යි තරග නිළධාරීන් විසින් මෙම චෝදනාව ගොණු කර ඇත්තේ.

තරගාවලියේ නීති රීති ප්‍රකාරව මෙම ගැටලුව පන්දු යැවීමේ ඉරියව් කමිටුව වෙත යොමු කිරීමට නියමිත අතර, එම කමිටුව විසින් මේ සම්බන්ධයෙන් අවසන් නිගමනයකට එළඹෙනු ඇති.

අදාළ තරගයේ රූපරාමු සමාලෝචනයකට ලක් කරමින් Aaron Phangiso ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද නිගමනයකට එළඹීම සදහා කමිටුවට දින 7ක කාලයක් පවතිනවා.

එම කාලය තුළදී Aaron Phangiso ට පන්දු යැවීම සදහා කිසිදු බාධාවක් ඇති වන්නේ නැහැ.

මීට පෙර 2016 වසරේ දී ද ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වූ අතර, පසුව ඔහු සිය ඉරියව්ව නිවැරැදි කර ගනිමින් ක්‍රිකට් පිටියට පිවිසුණා.

Show Comments (2)