Ultimate magazine theme for WordPress.

පන්දුවාර 10ට සීමා වූ තරගයෙන් නවසීලන්තයට ලකුණු 65ක ජයක්

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද(1) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් නවසීලන්තය ලකුණු 65ක ජයක් වාර්තා කරමින්.

තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 10කට සීමා කෙරුණා.

ඒ අනුව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 141ක් ලබා ගත්තා.

මාර්ටින් ගප්ටිල් ලකුණු 44(19)ක් රැස් කළ අතර, සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ෆින් ඇලන් පන්දු 29කින් ලකුණු 71ක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 9.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 76ක් පමණයි.

ටොඩ් ඇස්ටල් කඩුලු 4ක් සහ ටිම් සවුති කඩුලු 3ක් දවා ගනිමින් නවසීලන්තයට ජය තහවුරු කර දුන්නා.

Leave a comment