Ultimate magazine theme for WordPress.

නිළවරණයට මම ඇගිලි ගහන්නේ නැහැ : ක්‍රීඩා ඇමති නාමල්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණ ක්‍රියාවලියට මැදිහත් වීමට තමා සූදානම් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

හෙට (20) පැවැත්වීමට නියමිත ක්‍රිකට් නිළවරණය සම්බන්ධයෙන් ක්‍රික්බස් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව කියා සිටියා.

මතභේදයට තුඩු දුන් මෙම නිළවරණ ක්‍රියාවලියට ක්‍රීඩා අමාත්‍යවරයා මැදිහත් නොවීමත් සමග ක්‍රිකට් නිළවරණයෙන් යළිත් වරක් හිටපු සභාපති ශම්මි සිල්වා මහතාගේ පාර්ශවය හෙට දිනයේ දී ජය ගනු ඇති.

“මම නිළවරණ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. තේරී පත් වන ඕනෑම අයෙකු සමග මම වැඩ කරනවා” යනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කළා.

“නිවැරදි පුද්ගලයා තෝරා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාර්ශවකරුවන් සතු දෙයක්. ක්‍රීඩාවේ දියුණුව සඳහා මම ඔවුන්ට (SLC) දිගුකාලීන සැලැස්මක් ලබා දීල තියෙනවා. ඔවුන්ට ස්වාධීනව වැඩ කළ හැකියි.”

පවතින ගැටලු සහගත තත්ත්වයන් පෙන්වා දෙමින් නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරුන් නිළවරණයෙන් ඉවත්වීමට ඊයේ දිනයේ දී තීරණය කළා.

ඒ අනුව හෙට පැවැත්වෙන අතථ්‍ය නිළවරණයෙන් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ජයග්‍රහනය කරමින් යළි සභාපති ධූරයට පත්වීමට නියමිතයි.

Leave a comment