Ultimate magazine theme for WordPress.

නිශාන් මදුෂ්ක මෙවර තරග වාරයේ ලකුණු 1,000 පසු කරයි

රාගම ක්‍රිකට් සමාජයේ නිශාන් මදුෂ්ක මෙවර අන්තර් සමාජ ප්‍රධානතම තුන් දින ලීග් ක්‍රිකට් තරග වාරයේ දී ලකුණු දහසේ සීමාව පසු කර යාමට අද(25) සමත් වුණා.

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය සමග පැවැත්වෙන තරගයේ අවසන් දිනය වන අද දිනයේ දී යි 23 හැවිරිදි නිශාන් මදුෂ්ක මෙම කඩඉම පසු කර යාමට සමත් වුණේ.

කොළඹ තස්ටර්න් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි කස්ටම්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 321 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස රාගම කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 92 ක් පමණයි.

කැන්ඩි කස්ටම්ස් දෙවැනි ඉනිම ලකුණු 131 කට සීමා වුණේ රාගම කණ්ඩායමට ලකුණු 361 ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දෙමින්. රාගම කණ්ඩායම මේ වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

රාගම පළමු ඉනිමේ දී නිශාන් මදුෂ්ක ලකුණු 30 ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේ දී ඔහු ලබා ගත් ලකුණු සංඛ්‍යාව 70 ක්.

මදුෂ්ක තරග 6ක දී සිය ලකුණු 1,000 පසු කර යාම විශේෂත්වයක්.

ශතක 5 ක් හා අර්ධ ශතක 3ක් සමගින් ලකුණු 1,025 ක් මෙවර තරග වාරයේ දී ලබා සිටින නිශාන් මදුෂ්කගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව ඇත්තේ 146.42 ක් ලෙසයි.

සෙබස්තියනයිට්ස් කණ්ඩායමට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 300 මෙවර තරග වාරයේ ඔහුගේ හොදම ඉනිම ලෙස සටහන්ව තිබෙනවා.

Leave a comment