Ultimate magazine theme for WordPress.

නිපුන්ගේ 81* ශ්‍රී ලංකා නැගී එන ඉනිමට යම් ස්ථාවරත්වයක් ගෙන එයි

Day 1 Report

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරයේ තෙවැනි හා අවසන් සිව්දින ක්‍රිකට් තරගය අද(20) ආරම්භ වුණා.

සරේ කණ්ඩායමට එරෙහිව මෙම තරගය පැවැත්වෙන්නේ සරේ හි Guildford ක්‍රීඩාංගනයේ දී යි.

තරගයේ පළමු දිනයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ සරේ කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද දිනය අවසන් වන විට කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 230ක්.

නොදැවී පන්දුවට පහර දෙන නායක නිපුන් ධනංජය ලකුණු 81ක් හා මනෙල්කර් ද සිල්වා ලකුණු 13ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ආරම්භක පිතිකරුවන් වූ ලසිත් කෘස්පුල්ලේ ලකුණු 32කටත්, අවිශ්ක පෙරේරා ලකුණු 13කටත් දැවී ගියා.

නිශාන් මදුෂ්ක රැස් කළේ එක් ලකුණක් පමණයි. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 16ක් රැස් කළා. සන්තුෂ් ගුණතිලක ලකුණු 9යි.

අවිශ්ක තරිදු ලකුණු 48ක් වාර්තා කරමින් ශ්‍රී ලංකා නැගී එන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Tom Lawes ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තා.

Leave a comment