Ultimate magazine theme for WordPress.

නවසීලන්ත සුපිරි වේග පන්දු යවන්නාට ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගයත් අහිමි වෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන්ට ශ්‍රී ලංකාව සමග එළඹෙන 25 වැනිදා පැවැත්වීමට නියමිත පළමු එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු දකුණු පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙන් එලෙස එම තරගයෙන් ඉවත් කර ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අද (23) දිනයේ දී ඔහු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර, එහිදී ලොකී ෆර්ගසන් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසු නොවන බව තහවුරු වී තිබෙනවා.

මෙතෙක් ඔහු වෙනුවට ක්‍රීඩකයෙකු සංචිතයට ආදේශ කර නැතත්, හෙට පෙරවරුවේ දී ආදේශක ක්‍රීඩකයෙකු ප්‍රකාශයට පත් කරන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ලොකී ෆර්ගසන් ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක්දින තරගය සදහා පමණක් නම් කර තිබූ අතර, එම තරගයෙන් අනතුරුව ඔහු සංචිතයෙන් ඉවත් වී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබුණා.

ෆින් ඇලන් හා ග්ලේන් පිලිප්ස් යන ක්‍රීඩකයින් ද පළමු එක්දින තරගය සදහා පමණක් ක්‍රීඩා කර, අනතුරුව ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

නිත්‍ය නායක කේන් විලියම්සන්, ටිම් සවුති, ඩෙවෝන් කොන්වේ, මිචෙල් සැන්ට්නර් හා මයිකල් බ්‍රේස්වෙල් යන ක්‍රීඩකයින් ද අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන බැවින් ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කරන්නේ නැහැ.

නවසීලන්ත – ශ්‍රී ලංකා එක්දින තරගාවලිය මාර්තු 25 වැනිදා ඔක්ලන්ඩ් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි එක්දින තරගය මාර්තු 28 වැනිදා ක්‍රයිස්චර්ච් හී දී ද, තෙවැනි එක්දින තරගය මාර්තු 31 වැනිදා හැමිල්ටන් හී දී ද පැවැත්වීමට නියමිතයි.

NZ ODI squad:

  • Tom Latham (c), Finn Allen (1st ODI only), Tom Blundell, Chad Bowes, Mark Chapman (2nd & 3rd ODIs only), Matt Henry, Ben Lister (2nd & 3rd ODIs only), Daryl Mitchell, Henry Nicholls (2nd & 3rd ODIs only), Glenn Phillips (1st ODI only), Henry Shipley, Ish Sodhi, Blair Tickner, Will Young, Rachin Ravindra

SL ODI squad:

  • Dasun Shanaka (c), Pathum Nissanka, Nuwanidu Fernando, Kusal Mendis (Wk & vc) , Angelo Mathews, Charith Asalanka, Sadeera Samarawickrama, Dhananjaya De Silva, Sahan Arachchige, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Kasun Rajitha, Lahiru Kumara, Pramod Madushan, Dilshan Madushanka, Chamika Karunaratne, Matheesha Pathirana
Leave a comment