Ultimate magazine theme for WordPress.

නවසීලන්ත ටෙස්ට් සංචිතය නම් කෙරේ – පටෙල් වෙනුවට සැන්ට්නර්ට අවස්ථාව

පාකිස්තානය සමග ආරම්භ වන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙකු ඇතුළත්.

අජාස් පටෙල් මෙම සංචිතයට නම් කර නොමැති අතර, ඔහු වෙනුවට සංචිතයේ ප්‍රධාන දග පන්දු යවන්නාගේ ස්ථානය සදහා නම් කර ඇත්තේ මිචෙල් සැන්ට්නර්.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම සදහා මේ වන විට ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් වන්නේ නවසීලන්තයයි.

ඔවුන් පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය තරග 2-0ක් ලෙස ජය ගතහොත් සහ ඉන්දියාව තවදුරටත් පරාජයන්ට ලක්වුවහොත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඔස්ට්‍රේලියාව සමගින් සුදුසුකම් ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් නවසීලන්තයට හිමි වනු ඇති.

නවසීලන්ත – පාකිස්තාන පළමු ටෙස්ට් තරගය එළඹෙන 26 වනදා මවුන්ට් මංගනුයි හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand Squad:

  • Kane Williamson (c), Tom Blundell, Trent Boult, Kyle Jamieson, Tom Latham, Daryl Mitchell, Henry Nicholls, Mitchell Santner, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling (wk), Will Young
Leave a comment