Ultimate magazine theme for WordPress.

නවසීලන්තය ප්‍රේක්ෂකයින්ට දොර වසයි, ඔස්ට්‍රේලියා – නවසීලන්ත තරගාවලියටත් බාධා

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග 3 ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්විමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, නවසීලන්තයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

මේ වන විට ඔක්ලන්ඩ් නුවර හුදෙකලා කිරීමට ද බළධාරීන් පියවර ගෙන ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්.

ඔක්ලන්ඩ් නුවර තෙවන අවධානම් මට්ටමේ පවතින අතර, සෙසු ප්‍රදේශ දෙවන අවධානම් මට්ටමේ පවතිනවා.

ඒ අනුව ඔක්ලන්ඩ් නුවර කිසිදු ක්‍රීඩා තරගයක් පැවැත්විය නොහැකි අතර, සෙසු ප්‍රදේශවල ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව තරග පැවැත්වීමට සිදු වනු ඇති.

ඒ හේතුවෙන් ඔක්ලන්ඩ් නුවර පැවැත්වීමට නියමිත වූ තරග වෙලින්ටන් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, නවසීලන්ත කාන්තා කණ්ඩායම සහ එංගලන්ත කාන්තා කණ්ඩායම අතර ඔකලන්ඩ් නුවර පැවැත්වීමට නියමිත වූ ඉදිරි තරග ද වෙලින්ටන් හීදී පැවැත්වීමට නියමිතයි.

Leave a comment