Ultimate magazine theme for WordPress.

නවසීලන්තය පරාජයට පත් කළ ඔස්ට්‍රේලියාව අවසන් සටනට

Match Report

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

ඒ, මෙරට වේලාවෙන් අද (7) අලුයම නිමා වූ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය කඩුලු 5 කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 144 ක් රැස් කළා.

ඔස්ට්‍රේලියාව සිය ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 19.3 ක් අවසානයේ දී කඩුලු 5ක් දැවී සිටියදීයි.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ද, ලෝකඩ පදක්කම සදහා වූ තරගය නවසීලන්තය හා එංගලන්තය අතර ද අද පැවැත්වීමට නියමිතයි.

Leave a comment