Ultimate magazine theme for WordPress.

නවසීලන්ත කණ්ඩායමේ තරග සංචාර දෙකක පුහුණුකරුවෙකු ලෙස සමරවීර පත් කෙරේ

නවසීලන්ත කණ්ඩායමේ එළඹෙන බංග්ලාදේශ හා පාකිස්තාන තරග සංචාර සදහා පුහුණුකරුවෙකු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලාන් සමරවීර මහතා පත් කර තිබෙනවා.

අදාළ තරග සංචාර දෙක හා 20යි 20 ලෝක කුසලානය සදහා මෙන්ම ඉන්දීය තරග සංචාරය සදහා සංචිත ප්‍රකාශයට පත් කරමිනුයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය ඒ බව නිවේදනය කළේ.

බංග්ලාදේශ තරග සංචාරයට 20යි 20 තරග 5ක් ඇතුළත් අතර, පාකිස්තාන තරග සංචාරයට එක්දින තරග 3ක් හා 20යි 20 තරග 5ක් ඇතුළත්.

එම තරගාවලි දෙක සදහායි තිලාන් සමරවීර මහතා පුහුණුකරුවෙකු ලෙස පත් කර ඇත්තේ.

20යි 20 ලෝක කුසලානයෙන් පසුව සිදු කිරීමට නියමිත ඉන්දීය සංචාරයට 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් අතර, ටෙස්ට් තරගාවලිය සදහා වන සංචිතය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

NZ Coaching Staff for ICC T20 World Cup and India T20s :

Gary Stead, Shane Jurgensen, Luke Ronchi, (fourth coach TBA)

NZ Coaching Staff for Bangladesh T20s & Pakistan ODIs :

Glenn Pocknall, Graeme Aldridge, Thilan Samaraweera

NZ Coaching Staff for Pakistan T20s :

Shane Jurgensen, Glenn Pocknall, Graeme Aldridge, Tilan Samaraweera

Leave a comment