Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට හා බංග්ලාදේශයට එරෙහි ඉන්දීය සංචිතවල වෙනස්කම් කිහිපයක්

වේග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් සෙන් හා තුන් ඉරියව් ක්‍රීඩක ශහ්බාස් අහ්මඩ් බංග්ලාදේශයට එරෙහි තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට නම් කර තිබෙනවා.

යශ් දයාල් හා රවීන්ද්‍ර ජඩේජා වෙනුවට ඔවුන් සංචිතයට ආදේශ කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

දයාල් පිට කොන්ද ආශ්‍රිත ආබාධයකින් පසුවන අතර, ජඩේජා තවමත් ඔහුගේ දණහිසක ආබාධයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ.

කුල්දීප් සෙන් හා ශහ්බාස් අහ්මඩ් ඔක්ලන්ඩ් නුවර දී හෙට(25) නවසීලන්තයට එරෙහිව ආරම්භ වන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට පළමුව නම් කර තිබුණා.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනා නවසීලන්තයට එරෙහි තරගාවලිය සදහා ක්‍රීඩා නොකරන අතර, ඒ වෙනුවට ඔවුන් දෙදෙනා බංග්ලාදේශයට එරෙහි ඉන්දීය එක්දින සංචිතය සමග බංග්ලාදේශය වෙත පිටත්ව යාමට නියමිතයි.

ඔවුන් දෙදෙනා ඉවත් කිරීමෙන් ඇති වූ පුරප්පාඩු වෙනුවෙන් වෙනත් ක්‍රීඩක ආදේශ කිරීමක් නවසීලන්තයට එරෙහි එක්දින සංචිතයට සිදු කර නැහැ.

India’s squad for New Zealand ODIs:

Shikhar Dhawan (C), Shubman Gill, Deepak Hooda, Suryakumar Yadav, Shreyas Iyer, Rishabh Pant (VC and WK), Sanju Samson (WK), Washington Sundar, Shardul Thakur, Yuzvendra Chahal, Kuldeep Yadav, Arshdeep Singh, Deepak Chahar, Umran Malik

India’s squad for Bangladesh ODIs:

Rohit Sharma (C), KL Rahul (VC), Shikhar Dhawan, Virat Kohli, Rajat Patidar, Shreyas Iyer, Rahul Tripathi, Rishabh Pant (WK), Ishan Kishan (WK), Shahbaz Ahmed, Axar Patel, Washington Sundar, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Deepak Chahar, Kuldeep Sen

India A squad for 1st four-day game against Bangladesh A:

Abhimanyu Easwaran (C), Rohan Kunnummal, Yashasvi Jaiswal, Yash Dhull, Sarfaraz Khan, Tilak Varma, Upendra Yadav (wk), Saurabh Kumar, Rahul Chahar, Jayant Yadav, Mukesh Kumar, Navdeep Saini, Atit Sheth

India A squad for 2nd four-day game:

Abhimanyu Easwaran (C), Rohan Kunnummal, Yashasvi Jaiswal, Yash Dhull, Sarfaraz Khan, Tilak Varma, Upendra Yadav (wk), Saurabh Kumar, Rahul Chahar, Jayant Yadav, Mukesh Kumar, Navdeep Saini, Atit Sheth, Cheteshwar Pujara, Umesh Yadav, KS Bharat (wk)

Show Comments (1)