Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට යන්න බෑ කියූ ශකිබ් ටෙස්ට් සංචිතයට නම් කෙරේ

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සදහා වන බංග්ලාදේශ ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබෙනවා.

මොමිනුල් හක්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් සංචිතයට ශකිබ් අල් හසාන් ද නම් කර තිබීම විශේෂත්වයක්.

ශකිබ් මෙම තරග සංචාරයට එක් නොවීමට තීරණය කර ඇති බවට වාර්තා පලව ඇති පසුබිමකයි මෙම නම් කිරීම සිදු කර ඇත්තේ.

සෙයිෆ් හසාන්, රෙසවුල් ඉස්ලාම් රාසා හා නයීම් හසාන් ටෙස්ට් සංචිතයෙන් ඉවත් කර ඇති අතර, ශොරිෆුල් ඉස්ලාම් සංචිතයට නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම සංචාරයේ දී බංග්ලාදේශය හා නවසීලන්තය අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට අයත් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතයි.

ජනවාරි පළමු වැනිදා හා 9 වැනිදා ටෙස්ට් තරග දෙක ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

Squad:

Mominul Haque (C), Shadman Islam, Najmul Hossain Shanto, Mushfiqur Rahim, Shakib Al Hasan, Liton Kumer Das, Nurul Hasan Sohan, Yasir Ali Rabbi, Mehidy Hasan Miraz, Taijul Islam, Taskin Ahmed, Abu Jayed Chowdhury Rahi, Ebadot Hossain, Shoriful Islam, Syed Khaled Ahmed, Shohidul Islam, Mahmudul Hasan Joy, Md Naim Sheikh

Leave a comment