Ultimate magazine theme for WordPress.

නවසීලන්තයට එරෙහි කොදෙව් එක්දින සංචිතය නම් කෙරේ

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

නිකලස් පූරාන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

එක්දින සංචිතය සදහා මෙතෙක් එක්දින වරම් දිනා නොමැති Kevin Sinclair නම් කර තිබීම විශේෂත්වයක්.

ශිම්රන් හෙට්මයර් ද සංචිතයට ඇතුළත් කර ඇති අතර, ආබාධයකට ලක්ව සිටි Gudakesh Motie ශාරීරික යෝග්‍යතාවය සුදුසු මට්ටමක පැවතුණහොත් පමණක් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරනු ඇති.

එක්දින තරගාවලියේ සියලු තරග බාර්බඩෝස් හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Squad:

Nicholas Pooran (c), Shai Hope (vc), Shamarh Brooks, Keacy Carty, Shimron Hetmyer, Jason Holder, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Kyle Mayers, Gudakesh Motie (subject to fitness), Keemo Paul, Jayden Seales, Kevin Sinclair.

මේ වන විට දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ආරම්භ වී ඇති අතර, පළමු තරගයෙන් ලකුණු 13ක ජයක් වාර්තා කළේ නවසීලන්තයයි.

Leave a comment