Ultimate magazine theme for WordPress.

නයිට් රයිඩර්ස් අමෙරිකානු 20යි 20 ලීගයටත්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය විසින් අමෙරිකාවේ නවතම 20යි 20 ලීග් තරගාවලිය සදහා ආයෝජනය කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම නව 20යි 20 ලීග් තරගාවලිය (Major League Cricket) 2022 වසරේ දී ආරම්භ කිරීමටයි සැලසුම් සකස් කර ඇත්තේ.

බොලිවුඩ් සුපිරි නලු ශාරුක් ඛාන්ට වැඩි හිමිකාරීත්වයක් හිමි නයිට් රයිඩර්ස් සමූහය විසින් “සැලකිය යුතු දීර්ඝ කාලීන ආයෝජනයක්” මෙම තරගාවලියට ලබා දෙන බව සදහන්.

කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ හිමිකාරිත්වය දරන්නේ ද නයිට් රයිඩර්ස් සමූහය විසිනුයි.

Leave a comment