Ultimate magazine theme for WordPress.

ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක් වෙයි

එංගලන්ත තරග සංචාරය සදහා එක්ව සිටින ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් ආබාධයකට ලක්වී තිබෙනවා.

පසුගිය 14 වැනිදා පැවැති පුහුණුවීම් අතරතුර පන්දු රකිමින් සිටියදී ඔහු මෙලෙස දකුණු දණහිසේ ආබාධයකට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ හේතුවෙන් ඔහුට අද(16) සහ අනිද්දා(18) පැවැත්වෙන පුහුණු තරග සදහා ද ක්‍රීඩා කළ නොහැකි බව සදහන්.

ඔහු මේ වන විට සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීමේ අරමුණින් අවශ්‍ය පුනරුත්තාපන කටයුතුවල නිරත වෙමින් සිටින බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

Leave a comment