Ultimate magazine theme for WordPress.

“ද හන්ඩ්‍රඩ්” තරග කාලසටහන එළි දකියි – එක් අවසන් පූර්ව තරගයක් පමණයි

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරන “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ දී පැවැත්වීමට නොහැකි වූ මෙම තරග රටාවේ පළමු අදියර ලබන ජූලි 21 වනදා ආරම්භ වීමට නියමිතයි.

කාන්තා සහ පිරිමි අංශවල තරගාවලි ද්විත්වයම එකම කාලසීමාවකදී සංවිධාන කර තිබීම විශේෂත්වයක්.

මෙම තරග රටාවේ පළමු තරගය ද සංවිධාන කර ඇත්තේ කාන්තා අංශයේ තරගයකින් වීම කැපී පෙනනවා.

ඒ අනුව ලබන ජූලි 21 වනදා Oval Invincibles කාන්තා කණ්ඩායම සහ Manchester Originals කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් මෙම නව තරග රටාව නිල වශයෙන් ආරම්භ වනු ඇති.

ඊට පසුදින එනම් ජූලි 22 වනදා එම කණ්ඩායම් දෙකේම, එනම් Oval Invincibles සහ Manchester Originals යන කණ්ඩායම්වල පිරිමි කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයත් සමගින් පිරිමි අංශයේ තරගාවලිය ආරම්භ කෙරෙනවා.

එම තරග දෙකම “ද ඕවල්” ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජූලි 24 වනදා ට්‍රෙන්ට් රොකට්ස් (Trent Rockets) කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

කණ්ඩායම් 8ක් සහභාගී වන තරගාවලියේ මූලික වටයේ තරග අවසන් වන්නේ අගෝස්තු 18 වනදායින්.

අගෝස්තු 20 වනදා පිරිමි අංශයේ සහ කාන්තා අංශයේ අවසන් වටයේ තරග ආරම්භ වන නමුත්, එහිදී එක් අංශයකට එක් අවසන් පූර්ව තරගයක් පමණක් පැවැත්වීම විශේෂත්වයක්.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම අවසන් තරගයට සෘජුවම සුදුසුකම් ලබන අතර, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් අදාළ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබනු ඇති.

ඉන් ජය ගන්නා කණ්ඩායම අගෝස්තු 21 වනදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගයට (කාන්තා සහ පිරිමි අංශ දෙකේම) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී ක්‍රීඩා කිරීමට නියමිතයි.

ALSO READ : “ද හන්ඩ්‍රඩ්” තරගාවලියටත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නැහැ – වෝනර් යළි මහේලගේ පිලට

Leave a comment