Ultimate magazine theme for WordPress.

“ද හන්ඩ්‍රඩ්” තරගාවලියටත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නැහැ – වෝනර් යළි මහේලගේ පිලට

එංගලන්තයේ පැවැත්වීමට නියමිත “ද හන්ඩ්‍රඩ්” හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී (Draft) ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින්ගේ නම් අද(23) ප්‍රකාශයට පත් කෙරුණා.

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව ඊයේ දිනයේ දී සිදු කෙරුණු නමුත්, එහිදී තෝරා ගැණුනු ක්‍රීඩකයින් සම්බන්ධයෙන් තොරතුරු ඊයේ දිනයේ දී ම අණාවරණය කෙරුණේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 18 දෙනෙකු ද ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටි නමුත්, මෙවර තරගාවලිය සදහා ක්‍රීඩා කරන කණ්ඩායම් 8න් කිසිදු කණ්ඩායමක් විසින් කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සිය කණ්ඩායම් සදහා තෝරා ගෙන නැහැ.

ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, තිසර පෙරේරා, ඉසුරු උදාන, තික්ෂිල ද සිල්වා, ලසිත් ඇඹුල්දෙණිය, වනිදු හසරංග, අකිල ධනංජය, අවිශ්ක ප්‍රනාන්දු, අසේල ගුණරත්න, ධනුෂ්ක ගුණතිලක, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, දසුන් ශානක, ළහිරු තිරිමාන්න, තිලාන් වලල්ලාවිට යන ශ්‍රී ලංකා ක්‍රීඩකයිනුයි එලෙස ඉදිරිපත්ව සිටියේ.

පවුම් (£) 100,000 කාණ්ඩය යටතේ ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව සිටි ඩේවිඩ් වෝනර් සදර්න් බ්‍රේව් (Southern Brave) කණ්ඩායම සමගින් මෙවර යළි ගිවිසුම් ගත වී තිබෙනවා.

එම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනයි.

මේ අතර, Manchester Originals කණ්ඩායම සමගින් නිකලස් පූරාන්, කාගිසෝ රබාඩා සහ ශබාඩ් ඛාන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් ගිවිසුම් අත්සන් කළා.

කිරන් පොලාඩ් සහ ජයි රිචර්ඩ්සන් තෝරා ගනු ලැබුවේ Welsh Fire කණ්ඩායම විසිනුයි.

කණ්ඩායම් අටෙහි සංචිත පහළින් –

  • Southern Brave

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : David Warner, Danny Briggs

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Jofra Archer, Andre Russell, Marcus Stoinis, James Vince, Liam Dawson, Chris Jordan, Tymal Mills, Delray Rawlins, Alex Davies, George Garton, Ross Whiteley, Max Waller, Craig Overton

  • Birmingham Phoenix

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : Tom Abell, Daniel Bell-Drummond, Miles Hammond

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Chris Woakes, Dom Sibley, Liam Livingstone, Moeen Ali (captain), Kane Williamson, Benny Howell, Tom Helm, Shaheen Shah Afridi, Pat Brown, Adam Hose, Adam Zampa, Henry Brookes, Chris Cooke

  • Trent Rockets 

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : Timm van der Gugten, Samit Patel

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Joe Root, Rashid Khan, D’Arcy Short, Lewis Gregory, Alex Hales, Nathan Coulter-Nile, Dawid Malan, Matt Carter, Tom Moores, Steven Mullaney, Luke Wood, Luke Wright, Ben Cox

  • Oval Invincibles

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : Saqib Mahmood, Colin Ingram, Jordan Clark, Brandon Glover

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Sam Curran, Rory Burns, Jason Roy, Sunil Narine, Sam Billings, Tom Curran, Sandeep Lamichhane, Reece Topley, Will Jacks, Laurie Evans, Nathan Sowter, Alex Blake

  • London Spirit

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : Ravi Bopara, Chris Wood

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Zak Crawley, Glenn Maxwell, Eoin Morgan (captain), Mohammad Amir, Mohammad Nabi, Mark Wood, Joe Denly, Dan Lawrence, Mason Crane, Adam Rossington, Roelof van der Merwe, Jade Dernbach, Luis Reece

  • Welsh Fire

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : Kieron Pollard, Jhye Richardson, Jake Ball, Ian Cockbain, Josh Cobb, Matt Critchley, David Lloyd

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Ollie Pope, Jonny Bairstow, Tom Banton, Ben Duckett, Qais Ahmad, Liam Plunkett, David Payne, Ryan Higgins

  • Northern Superchargers

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : Olly Stone, Matty Potts, Matthew Fisher, Harry Brook, Callum Parkinson

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Ben Stokes, Aaron Finch, Mujeeb Ur Rahman, Chris Lynn, Adil Rashid, Adam Lyth, David Willey, Tom Kohler-Cadmore, Brydon Carse, John Simpson

  • Manchester Originals

තෝරා ගැණුනු නව ක්‍රීඩකයින් : Nicholas Pooran, Kagiso Rabada, Harry Gurney, Jamie Overton, Shadab Khan, Tom Lammonby, Steven Finn, Colin Ackermann, Richard Gleeson, Tom Hartley

සංචිතයේ රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් : Jos Buttler, Phil Salt, Joe Clarke, Wayne Madsen, Matt Parkinson

2020 වසරේ දී “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ පළමු අදියර පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, කොරෝනා වසංගතය හේතුවෙන් එය මෙම වසරට කල් දැමීමට සිදු වුණා.

ඒ අනුව එළඹෙන ජූලි 21 වනදා Oval Invincibles කාන්තා කණ්ඩායම සහ Manchester Originals කාන්තා කන්ඩායම අතර පැවැත්වෙන තරගයත් සමගින් මෙම නව තරග රටාවේ සමාරම්භය සනිටුහන් වනු ඇති.

පිරිමි අංශයේ තරග ජූලි 22 වනදා සිට ආරම්භ කිරීමට නියමිතයි. ALSO READ : “ද හන්ඩ්‍රඩ්” තරග කාලසටහන එළි දකියි – එක් අවසන් පූර්ව තරගයක් පමණයි

Leave a comment