Ultimate magazine theme for WordPress.

දෙවැනි 20යි 20 තරගයෙනුත් කුසල් විවේක ගන්වන ලකුණු

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරයේ දෙවැනි 20යි 20 තරගය අද(9) පැවැත්වෙනවා.

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 8ට ඕමාන් ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා ඕමානය අතර පළමු තරගයෙන් ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග දෙකකින් යුත් 20යි 20 තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ 1-0ක් ලෙසයි.

පසුගියදා පැවැති 20යි 20 තරගයේ දී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක් වූ නුවන් ප්‍රදීප් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඇතැම් විට ඔහුට 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ද අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව තිබෙනවා.

ආබාධයකට ලක්ව සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා පළමු 20යි 20 තරගයට ද ක්‍රීඩා නොකළ අතර, ඔහු අද පැවැත්වෙන දෙවැනි තරගයෙන් ද විවේක ගැන්වීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

Leave a comment