Ultimate magazine theme for WordPress.

දෙවැනි පුහුණු කදවුරට ක්‍රීඩකයින් 24 ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තවත් ක්‍රීඩකයින් 24 දෙනෙකු සදහා නේවාසික පුහුණු කදවුරක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

රජය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය රෙගුලාසි සදහා දැඩි ලෙස අවනත වෙමින් මෙම පුහුණු කදවුර එළඹෙන 22 වනදා සිට ආරම්භ වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පුහුණු කදවුර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී දින 10ක් පැවැත්වෙනු ඇති.

පුහුණු සහ සහය කාර්ය මණ්ඩල නිළධාරීන් 6 දෙනෙකු ද මෙම පුහුණු කදවුර සදහා එක් වීමට නියමිතයි.

මීට පෙර ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් 13 දෙනෙකු ද ජූනි පළමු වැනිදා සිට සිය පුහුණුවීම් කටයුතු ආරම්භ කළේ දින 12ක නේවාසික පුහුණු කදවුරකට එක්වෙමින්.

පුහුණු කදවුරට එක්වන ක්‍රීඩකයින් –

Dimuth Karunaratne
Dinesh Chandimal
Lahiru Thirimanne
Angelo Mathews
Thisara Perera
Danushka Gunatilaka
Kusal Janith Perera
Dilruwan Perera
Suranga Lakmal
Dhananjaya De Silva
Niroshan Dickwella
Dasun Shanaka
Vishwa Fernando
Kasun Rajitha
Lahiru Kumara
Nuwan Pradeep
Isuru Udana
Wanindu Hasaranaga
Lakshan Sandakan
Lasith Embuldeniya
Oshada Fernando
Avishka Fernando
Kusal Mendis
Bhanuka Rajapaksa

Leave a comment