Ultimate magazine theme for WordPress.

දෙවැනි තරගයට එක් වෙනසක් සිදු විය හැකියි – දිමුත්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ඇතැම් විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදු විය හැකි බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 187ක ජයක් වාර්තා කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ඒ අනුව ඇතැම් විට වේග පන්දු යවන්නෙකු වෙනුවට තවත් අමතර පිතිකරුවෙකු කණ්ඩායමට කැදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි දිමුත් කියා සිටියේ.

මේ අතර, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසීමටනම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙරට තුළ පැවැත්වෙන ටෙස්ට් තරග ජය ගැනීම අතිශය වැදගත් බව ද දිමුත් කියා සිටියා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය එළඹෙන 29 වනදා ගාල්ල ක්‍රීඩාංගනයේ දී ම ආරම්භ වීමට නියමිතයි.

මාධ්‍ය හමුවේ දර්ශන පහතින් –

Leave a comment