Ultimate magazine theme for WordPress.

දෙවන ක්‍රීඩක කණ්ඩායමත් සිකුරාදා එංගලන්තයට

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී පසුව එම වෛරසය ශරීර තුළ නොමැති බවට ඊයේ(30) දෙවැනි වරටත් අණාවරණය වූ පාකිස්තාන ක්‍රීඩකයින් 6 දෙනා එළඹෙන සිකුරාදා(3) එංගලන්තය බලා පිටත්ව යන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

ෆකාර් සමාන්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් රිස්වාන්, ශඩාබ් ඛාන් සහ වහබ් රියාස් යන ක්‍රීඩකයින් මෙලෙස පිටත්ව යන බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

මේ වන විටත් පාකිස්තාන ක්‍රීඩකයින් 20 දෙනෙකු එංගලන්තයට පැමිණ සිටින අතර, ඔවුන් දින 14ක් නීරෝධායනයකට ලක් වෙමින් සිටිනවා.

ඒ අතරතුර දී ඔවුන්ට පුහුණු කටයුතු සදහා ද අවස්ථාව ලබා දී තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජූලි 30 වනදා ආරම්භ වීමට නියමිතයි.

Leave a comment