Ultimate magazine theme for WordPress.

දෙදෙනෙකු බංග්ලාදේශ සංචිතයෙන් ඉවතට

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය සදහා වන බංග්ලාදේශ සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයෙන් අෆිෆ් හුසේන් හා ශොරිෆුල් ඉස්ලාම් ඉවත් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඔවුන් දෙදෙනා මේ දිනවල පැවැත්වෙන ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන අවසන් එක්දින තරගය හෙට(23) සිල්හෙට් දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ජය ගත් අතර, දෙවැනි එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරවයි නිමා වුණේ.

Bangladesh squad for 3rd ODI:

Tamim Iqbal (Captain), Liton Das, Najmul Hossain Shanto, Shakib Al Hasan, Mushfiqur Rahim, Yasir Ali Chowdhury, Towhid Hridoy, Mehidy Hasan Miraz, Nasum Ahmed, Taskin Ahmed, Ebadot Hossain Chowdhury, Mustafizur Rahman, Hasan Mahmud, Rony Talukdar.

Leave a comment