Ultimate magazine theme for WordPress.

දූෂන චෝදනාවලින් අවිශ්ක නිදහස් – සොයිසාට එරෙහි චෝදනා 3ක් ඉවතට

ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු ද වූ අවිශ්ක ගුණවර්ධනට එරෙහිව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් එමිරේට් ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන පනත යටතේ ගොණු කර තිබූ චෝදනාවලින් ඔහු නිදහස් වී තිබෙනවා.

ඒ, ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාවක් හමුවේ කළ විභාගයකින් අනතුරුවයි.

එහිදී අවිශ්කට එරෙහි චෝදනා ද්විත්වයෙන් ඔහුව ඒකමතිකව නිදහස් කිරීමට එම විනිශ්චය සභාව කටයුතු කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඒ අනුව ඔහුට මෙතැන් සිට යළි ක්‍රිකට් ක්‍රීඩාව හා එක්විය හැකියි.

2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති T10 තරගාවලියට අදාළවයි ඔහුට දූෂන චෝදනා එල්ල වුණේ.

ඒ හේතුවෙන් වසර දෙකක පමණක කාලයක් ඔහුට එරෙහිව තාවකාලික ක්‍රිකට් තහනමක්ද පනවා තිබුණා.

ඒ අනුව අවිශ්ක ගුණවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ඔහු දැරූ පුහුණුකාරධූර ද අහිමි වුණා.

මේ අතර, එමිරේට් ක්‍රිකට් ආයතනයේ දූෂන මර්දන පනත යටතේම ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට එරෙහිව ද චෝදනා 4ක් ගොණු කර තිබුණා.

ස්වාධීන දූෂණ විරෝධී විනිශ්චය සභාව විසින් ඉන් එක් චෝදනාවක් (2.4.6) තහවුරු කර ඇති අතර, සෙසු චෝදනා 3 නිශ්ප්‍රභ කර තිබෙනවා.

සවිස්තරාත්මක තීරණය ඉදිරියේ දී අදාළ පාර්ශව වෙත දැනුම් දෙන බව අයි.සී.සීය සදහන් කළා.

එමිරේට්ස් ක්‍රිකට් ආයතනය වෙනුවට මෙහිදී කටයුතු කරන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) මේ සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් සිදු කිරීමට පෙර අදාළ ලිඛිත තර්කානුකූල තීරණය සම්පූර්ණයෙන් සළකා බලනු ඇති.

කෙසේ වෙතත්, හිටපු ක්‍රිකට් ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පසුගිය මාසයේ දී පියවර ගත්තේ අයි.සී.සී දූෂන මර්දන පනතෙහි වගන්ති 3ක් උල්ලංඝනය කිරීමට අදාළව ඔහු වරදකරු වීම හේතුවෙන්.

අවිශ්ක ගුණවර්ධනට එරෙහි එල්ල වූ චෝදනා –

  • Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.
  • Article 2.4.5 – Failing to disclose to the ACU (without unnecessary delay) full details of any incident, fact, or matter that comes to the attention of a Participant that may evidence Corrupt Conduct under the Anti-Corruption Code by another Participant.

නුවන් සොයිසාට එරෙහි චෝදනා –

  • Article 2.1.1 – Being party to an agreement to influence improperly the result, progress, conduct or other aspect(s) of a match.
  • Article 2.1.4 – Directly or indirectly soliciting, inducing, enticing, instructing, persuading, encouraging or intentionally facilitating any Participant to breach Code Article 2.1.
  • Article 2.4.4 – Failing to disclose to the ACU full details of any approaches or invitations received to engage in corrupt conduct under the Code.
  • Article 2.4.6 – Failing or refusing, without compelling justification to cooperate with any investigation carried out by the ACU in relation to possible Corrupt Conduct under the Code
Leave a comment