Ultimate magazine theme for WordPress.

දිමුත්, සධීර, දුෂාන් හා මතීෂ එක්දින සංචිතයට නම් කෙරේ

ජූනි දෙවැනිදා ආරම්භ වීමට නියමිත ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින තරගාවලිය සදහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර ඇති බව Sunday Times පුවත්පත විසින් වාර්තා කර තිබෙනවා.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මෙම සංචිතය සදහා කැදවා තිබීම විශේෂත්වයක්. තවමත් ආබාධවලින් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති කුසල් ජනිත් මෙම සංචිතයට නම් කර නැහැ.

මෙවර අයි.පී.එල් තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ වනිදු හසරංග මෙම සංචිතයට නම් කර තිබෙනවා.

සධීර සමරවික්‍රම ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති අතර, ඇන්ජෙලෝ මැතිව්ස් ද එක්දින සංචිතයේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

ආබාධයකින් පසුව ශල්‍යකර්මයකට මුහුණ දුන් දුෂ්මන්ත චමීර යළි සංචිතයට කැදවා ඇති බවත්, අයි.පී.එල් තරගාවලියේ දී ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කළ මතීෂ පතිරණ ද සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන ඇති බවත් සදහන්.

පා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත ද ඇෆ්ඝනිස්තානයට එරෙහි එක්දින සංචිතයට කැදවා තිබීම කැපී පෙනෙනවා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.

ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Sri Lanka squad:

Dimuth Karunaratne, Pathum Nissanka, Kusal Mendis (wk), Angelo Mathews, Charith Asalanka, Sadeera Samarawickrema (wk), Dhanajaya de Silva, Dasun Shanaka, Chamika Karunaratne, Dushan Hemantha, Maheesh Theekshana, Wanindu Hasaranga, Lahiru Kumara, Dushmantha Chameera, Matheesha Pathiarana, Kasun Rajitha

Leave a comment