Ultimate magazine theme for WordPress.

දිමුත් කරුණාරත්න ICC ප්‍රධාන සම්මානයක් සදහා නිර්දේශ කෙරේ

2021 අයි.සී.සී සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(28) නිවේදනය කළා.

ඒ අනුව එම සම්මානය සදහා නිර්දේශිත නාම 4ක් ඇතුළත්.

ඊට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්නගේ නම ද ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඔහුට අමතරව එංගලන්ත නායක ජෝ රූට්, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් හා නවසීලන්තයේ ක්යිල් ජමීසන් ද වසරේ ටෙස්ට් ක්‍රීඩකයාට හිමි සම්මානය සදහා නිර්දේශ කර තිබෙනවා.

2021 වසරේ ජනවාරි පළමු වැනිදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා කාලය තුළ ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ දැක් වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය පිරිනැමීමට නියමිතයි.

වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ඇතුළු සෙසු ප්‍රධාන අයි.සී.සී සම්මාන (පිරිමි අංශයේ) හිමි කර ගත් ක්‍රීඩකයින්ගේ නම් ජනවාරි 24 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

  • Joe Root (England)
    1708 runs in 15 matches (six centuries)
  • R Ashwin – (India)
    52 wickets in 8 matches 
  • Kyle Jamieson – (New Zealand)
    27 wickets in 5 matches 
  • Dimuth Karunaratne – (Sri Lanka)
    902 runs in 7 matches at 69.38 with 4 centuries
Leave a comment