Ultimate magazine theme for WordPress.

“දින්නත් පැරදුණත් අපේ ටීම් එක එකට හිටිය” : අවිශ්ක

ඉන්දියාවට එරෙහි 20යි 20 තරගාවලියේ දී හොදින් ක්‍රීඩා කිරීමට හැකි වුවහොත් තරගාවලිය ජය ගැනීම සදහා මනා අවස්ථාවක් ශ්‍රී ලංකාවට පවතින බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පවසනවා.

ඉන්දියාවට එරෙහි තෙවැනි එක්දින තරගය ජය ගැනීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

තරග ජය ගත්තද පරාජයට පත් වුවද කණ්ඩායමේ සියලු සාමාජිකයින් එක්ව කටයුතු කළ බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම නිමා වූ එංගලන්ත තරග සංචාරයෙන් පසුව තමා සිය පිතිකරණය සම්බන්ධයන් යම් යම් වෙනස්කම් කිහිපයක් සිදු කළ බවත්, එය සිය සාර්ථකත්වයට හේතු වූ බවත් අවිශ්ක සදහන් කළා.

Leave a comment