Ultimate magazine theme for WordPress.

දික්වැල්ලත් CPL පිටියට

අගෝස්තු 30 වැනිදා සිට සැප්තැම්බර් 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ලට ද හිමිව ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු Saint Lucia Kings කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවීමත් සමගයි.

කෙසේ වෙතත්, එම කණ්ඩායම මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

මීට පෙර මෙවර තරගාවලිය වෙනුවෙන් ශාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පැට්‍රියෝට්ස් කණ්ඩායම සමග වනිදු හසරංග ගිවිසුම් ගත වී සිටි අතර, මහීෂ් තීක්ෂණ හා සීක්කුගේ ප්‍රසන්න ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම් ගතවුණා.

කෙසේ වෙතත්, එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසු යෝග්‍යතාවයකින් පසු විය යුතු බැවින් වනිඳු හසරංගට සහ මහීෂ් තීක්ෂණට මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවසර ලබා දී නොමැති බව සදහන්.

Leave a comment