Ultimate magazine theme for WordPress.

දශක පහක එක්දින ක්‍රීඩකයින් 5 විස්ඩන් සගරාව නම් කරයි – මුරලි සහ කෝලිත් ඒ අතරට

2010 වසරෙන් ඇරඹි දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සුප්‍රකට විස්ඩන් සගරාව විසින් ඉන්දීය නායක විරාට් කෝලි නම් කර තිබෙනවා.

එක්දින ක්‍රිකට් ක්‍රීඩාවට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 1971 සිට 2021 වසර දක්වා වන දශක පහක කාලයට අයත් ක්‍රිකට් ක්‍රීඩකයින් පස් දෙනෙකුගේ නම් විස්ඩන් සගරාව විසින් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඒ අනුව 2000 වසරෙන් ඇරඹි දශකයේ ක්‍රිකට් ක්‍රිඩකයා ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කිරීමට විස්ඩන් සගරාව කටයුතු කර තිබීම විශේෂත්වයක්.

1990 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ ඉන්දියාවේ සචින් ටෙන්ඩුල්කාර්.

1980 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස හිටපු ඉන්දීය නායක කපිල් දේවි නම් කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් පළමු දශකය හෙවත් 1970 දශකයේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසයි නම් කර ඇත්තේ.

Leave a comment