Ultimate magazine theme for WordPress.

දඹුල්ල ලයන්ස් නාමය දඹුල්ල වයිකිං වූ හේතුව කණ්ඩායම් හිමිකරු පහදයි

දඹුල්ල වයිකිං කණ්ඩායම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් –

සන්නාමයන් අතර ආයෝජනය කිරීම ඕනෑම බුද්ධිමත් ආයෝජකයෙකුගේ ලක්ෂණය වන අතර, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දඹුල්ල වයිකිං කණ්ඩායම් හිමිකරු වන සචින් ජෝෂිට ඔහුගේ අනන්‍යතාවය වයිකිං කණ්ඩායම තුළ ස්ථාපනය කිරීම අපහසු කාර්යයක් නොවීය.

“වයිකින්වරු උතුම් රණශූරයන් ලෙසින් ඉතා ප්‍රසිද්ධය. මා මාගේ සමාගම් සමූහයට වයිකින් වෙන්චර්ස් යන නම තැබීමටද මූලික හේතුව එයයි. කණ්ඩායම අප අතට පත්වන විට එය නම් තබා තිබුණේ දඹුල්ල ලයන්ස් ලෙසය. නමුත් මාගේ සමූහයේ නම එක් කිරීමෙන් කණ්ඩායමේ නමට අමුතුම පන්නරයක් ලැබෙන බැව් මට හැගුණි.“ ලෙස ජෝෂී මහතා පැහැදිලි කරන ලදී.

කණ්ඩායම තමා නතු කර ගැනීමත් සමගම ජෝශි මහතාගේ තවත් ආශාවක් ඉටුවිය. මේ වනතෙක් ව්‍යවසායකයෙක්, ව්‍යාපාරිකයෙක්, නළුවෙක් සහ ශාරීරික යෝග්‍යතා ශිල්පියෙකු ලෙස බොහෝ සන්නාමයන් තමා සතුව තිබුනද, ක්‍රීඩාවෙන් ලද සන්නාමය ඔහුට ගැලපෙනම සන්නාමය ලෙස පෙන්වාදිය හැක.

ඔහු මේ වන විටත් කීර්තිමත් ක්‍රිකට් ලීග් කණ්ඩායමක් වන තෙලිගු වොරියර්ස් හි ක්‍රීඩකයකු සහ සම හිමිකරුවකු වන අතර ඔහු JMJ ක්‍රීඩා ඇකඩමියේ ප්‍රමුක උපදේශකයකු ලෙසද ක්‍රියා කරයි.

ජෝෂි තම විවේක කාලය තුළ පාපන්දු හා ක්‍රිකට් ක්‍රීඩා කිරීමටද පුරුදුව සිටී. එම නිසා LPL හි කණ්ඩායමක හිමිකරුවා වීමට ජෝෂි මහතා දෙවරක් නොසිතීය.

“මමත් උද්‍යෝගිමත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා මට මේ අවස්ථාව ලැබීම පිලිබද ව මට ලොකු සතුටක් ඇති වුනා වගේම කැමත්තෙන්ම මම අවස්ථාව භාරගතිමි.”

ශ්‍රී ලංකාවේ තරුණයන්ගේ සැගවුනු දක්ෂතා ප්‍රවර්ධන කිරීම ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික අරමුණයි. ජෝෂි මහතාගේ JMJ ක්‍රීඩා ඇකඩමිය පිහිටුවීමට මූලික හේතුව ද එයම බැවින් මෙය බොහෝ ක්‍රීඩකයන්ට තම දක්ෂතා පෙන්වීමට මහගු තෝතැන්නක් වනු ඇත.

“තරුණ පරපුරට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට මෙන්ම ක්‍රිඩා ලෝලීත්වය විදහා දැක්වීමට මෙය මහගු අවස්ථාවක් වන අතර අපි මෙහි පැමිණියේ ක්‍රීඩාව වෙනුවෙන් ලංකා ප්‍රිමියර් ලීග් හීදි දෙයක් කිරීමේ අරමුණු පෙරදැරිවයි.“ යැයි ජෝෂි මහතා පැවසීය.

“ලෝකයේ ඕනෑම ලීග් තරගාවලියක් පවත්වන්නේ ක්‍රීඩාව ප්‍රවර්ධනය, ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඔප නැංවීම වැනි ක්‍රීඩාවේ
උන්නතියන් සදහායි. LPL තරගාවලියද එවැනිම තලයකට ගෙන ඒමට විශාල හැකියාවක් ඇති බව අපගේ බලාපොරොත්තුවයි“

වසංගතයක් මධ්‍යයේ ක්‍රීඩා තරගාවලියක් පැවැත්වීමේදී ඇති වන සුවිශේෂී අභියෝග පිලිබද ජෝෂී මහතා දැඩි අවබෝධයකින් යුතුය. කෙසේ වෙතත් දක්ෂතාවය හා නිවැරදි මග පෙන්වීමත් සමග වයිකින් කණ්ඩායමට 2020 තරගාවලිය ජයගැනීමට හැකි බව කණ්ඩායම් හිමිකරුගේ විශ්වාසයයි.

“සමස්ථයක් ලෙස ගත්කල, මෙම තරගාවලිය වෙනස්ම අතකට යොමුවනු ඇත. සාමාන්‍යයෙන් හිමිකරු හා රසිකයන් සම්බන්ධ වන විලාශය පවා දැන් වෙනස්ව ඇත. නරඹන්නන් සියල්ලම ක්‍රීඩාංගණයෙන් පිටතට පැමිණ ඇත. මුළු තරගාවලිය පුරාවට ක්‍රිඩාංගනය රසිකයින්ගේ තොර වනු ඇත. එය ක්‍රීඩකයින්ගේ ධෛර්යය ඉහල නැංවීම, වෙළද ප්‍රවර්ධනය දක්වා සියලූම කාර්යයන්ට බලපානු ඇත.

“නමුත් කණ්ඩායම් හිමිකරුගේ හදවතෙහි ක්‍රීඩාව කෙරෙහි ආත්මීය බැදීමක් ඇති බැවින් ජයග්‍රහණය කෙරෙහි ඔහු බොහෝ වෙහෙස මහන්සි වනු ඇත. ජය අප සතුය!”

Leave a comment