Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා 20යි 20 නායකත්වය හෙන්රිච් ක්ලාසීන්ට

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පළමු වරට හෙන්රිච් ක්ලාසීන්ට පැවරී තිබෙනවා.

20යි 20 තරගාවලියෙන් පසුව දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියක් ආරම්භ වන බැවින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.

ක්වෙන්ටන් ඩී කොක්ගේ නායකත්වයෙන් යුත් ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින්ට කොරෝනා වසංගතයත් සමග පවතින නිරෝධායන මාර්ගෝපදේශ ද අනුගමනය කරමින් යළි සියරට බලා පැමිණීමේ අවස්ථාව ගැටලුවකින් තොරව සකස් කර දීම මෙහි අරමුණයි.

Okuhle Cele, Ryan Rickleton සහ Jacques Snyman යන ක්‍රීඩකයින් පළමු වරට ජාතික සංචිතයට නම් කර තිබෙනවා.

තරග 3කින් යුත් 20යි 20 තරගාවලියේ පළමු තරගය ලබන 11 වනදා ලාහෝර්හී දී පැවැත්වීමට නියමිතයි.

Squad:

Heinrich Klaasen (c), Nandre Burger, Okuhle Cele, Junior Dala, Bjorn Fortuin, Reeza Hendricks, George Linde, Janneman Malan, David Miller, Andile Phehlukwayo, Dwaine Pretorius, Ryan Rickleton, Tabraiz Shamsi, Lutho Sipamla, Jon-Jon Smuts, Pite van Biljon, Glenton Stuurman, Jacques Snyman

Leave a comment