Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකා – එංගලන්ත පළමු එක්දින තරගය හදිසියේ අවලංගු කෙරේ

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර අද(4) පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, දකුණු අප්‍රිකා සංචිතයේ ක්‍රීඩකයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමගයි.

ඒ අනුව සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබද සලකා බලා පළමු තරගය ලබන ඉරිදා දක්වා කල් දැමීමටයි බළධාරීන් මේ වන විට තීරණය කර ඇත්තේ.

තරගය අද පස්වරු 4.30ට කේප්ටවුන්හීදී ආරම්භ වීමට නියමිතව තිබුණා.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්.

 

Leave a comment