Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට ICCයෙන් දඩ

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, පාකිස්තානය සමග ජොහැනස්බර්ග්හි පැවැති පළමු වන 20යි 20 ක්‍රිකට් තරගයේ දී නියමිත කාලයට පන්දුවාර යවා නිම නොකිරීම හේතුවෙන්.

හෙන්රිච් ක්ලාසීන්ගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා කණ්ඩායමට නියමිත කාලය තුළ එක් පන්දුවාරයක් යවා නිමා කිරීමට හැකියාව ලැබී තිබුණේ නැහැ.

ඒ අනුව සියලු ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් පනවා ඇති බව සදහන්.

තරග තීරකවරයා ලෙස කටයුතු කළ ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් මෙම දඩ පැනවීම සිදු කර තිබෙනවා.

නායක ක්ලාසීන් වරද පිළිගනිමින් ලබා දී ඇති දඩුවම පිළිගෙන ඇති බවත්, එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු නොවන බවත් ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

Leave a comment