Ultimate magazine theme for WordPress.

දකුණු අප්‍රිකාවට 20%ක දඩයක්

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග ඊයේ(21) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය අවම මට්ටමක පවත්වා ගැනීම හේතුවෙන්.

නියමිත කාලය අවසන් වන විට ඔවුන්ට එක් පන්දුවාරයක් යැවීමට නොහැකි වී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාවට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් නියම කිරීමටයි තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පියවර ගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා වරද හා ලබා දුන් දඩුවම ද පිළිගෙන ඇති බව අයි.සී.සී ය නිවේදනය කළා.

Leave a comment