Ultimate magazine theme for WordPress.

තෙවැනි දිනය වැස්සට යට වෙයි

Day 3 Report

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය වර්ෂාව හේතුවෙන් අද(4) සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදු වුණා.

ඒ අනුව හෙට(5) සහ අනිද්දා(6) දිනවලදී දිනකට පන්දුවාර 98 බැගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති.

කෙසේ වෙතත්, එම දින දෙක තුළ තරග ආරම්භක වේලාවෙහි වෙනසක් සිදු නොවන අතර, ඒ අනුව සුපුරුදු පරිදි එරට වේලාවෙන් පෙරවරු 11ට (මෙරට වේලාවෙන් පස්වරු 3.30ට) තරගය ආරම්භ කිරීමට නියමිතයි.

නමුත්, එම දිනවලදී තරගය අවසන් කෙරෙන වේලාව පැය භාගයකින් ඉහළ නැංවීමට කටයුතු කරනු ඇති.

තරගයේ දෙවන දිනය වූ ඊයේ(3) දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 111ක් ලබා සිටි අතර, ඒ අනුව ඔවුන් පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 267ක්.

නායක ජෝ රූට් නොදැවී ලකුණු 42ක් සහ රොරී බර්න්ස් නොදැවී ලකුණු 59ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී කයිල් ජමිසන් සහ ටිම් සවුති එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 378ක් රැස් කළා.

Leave a comment