Ultimate magazine theme for WordPress.

තීරණාත්මක දෙවැනි තරගය අද – දකුණු අප්‍රිකාව රෝස පැහැයට

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තීරණාත්මක දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(4) පැවැත්වෙනවා.

ජොහැනර්ස්බර්ග්හී දී මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු එක්දින තරගයෙන් අවසන් පන්දුවේ දී කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් වූ බැවින් තරග 3කින් යුත් එක්දින තරගාවලිය සම තත්ත්වයට ගෙන ඒමටනම් දකුණු අප්‍රිකාවට අද තරගයේ ජය අනිවාර්යය වනවා.

පළමු තරගය ජය ගැනීම සදහා පාකිස්තානය ලකුණු 274ක ඉලක්කයක් සාර්ථකව හඹා ගිය අතර, එය ආසියාවෙන් පිටත දී පාකිස්තාන කණ්ඩායමක් තරගයක් හඹා ගොස් ජය ගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව සම කිරීමක් ද වුණා.

එමෙන්ම අවසන් පන්දුවේ දී පාකිස්තානය එක්දින තරගයක් ජය ගනු ලැබුවේ වසර 16කට පසුව වීම ද විශේෂත්වයක්.

අද තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම රෝස පැහැති ඇදුමකින් සැරසී තරග වැදීමට නියමිතයි.

ඒ, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය වෙනුවෙන් සහ ප්‍රතිකාර සඳහා මුදල් රැස් කිරීමේ අරමුණින්.

Leave a comment