Ultimate magazine theme for WordPress.

තීක්ෂණ ඔස්ට්‍රේලියා තරගයට සූදානම් : මිකී ආතර්

ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මශීෂ් තීක්ෂණ මේ වන විට සුවය ලබා සිටින බව ශ්‍රී ලංකා පුහුණුකරු මිකී ආතර් පවසනවා.

ඒ අනුව 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට(28) ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගය සදහා ක්‍රීඩා කිරීමට ඔහු සූදානමින් සිටින බවයි අද(27) පැවැති මාධ්‍ය හමුවක දී ඔහු සදහන් කළේ.

නෙදර්ලන්තය සමග පැවැති තරගයේ දී ආබාධයකට ලක් වීම හේතුවෙන් මහීෂ් තීක්ෂණ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පසුගියදා බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගය සදහා ක්‍රීඩා කළේ නැහැ.

මෙවර තරගාවලියේ 22 වන තරගය ලෙසින් ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය හෙට මෙරට වේලාවෙන් රාත්‍රී 7.30ට ඩුබායි ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a comment