Ultimate magazine theme for WordPress.

තියුණු සටනකින් පසු තරගාවලියේ ජය එංගලන්තයට

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම මෙරට වේලාවෙන් අද(21) අලුයම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් එංගලන්තය කඩුලු 3ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස් කළා.

මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 76ක් හා ෆකාර් සමාන් ලකුණු 24ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අඩිල් රෂීඩ් ලකුණු 35කට කඩුලු 4ක් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ජේසන් රෝයි ලකුණු 64ක් හා ඩාවිඩ් මලාන් ලකුණු 31ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් හෆීස් ලකුණු 28කට කඩුලු 3ක් බිද හෙලුවා.

Leave a comment