Ultimate magazine theme for WordPress.

තියුණු සටනකින් පසු ඉන්දියාව 2-1 ක් ලෙස තරගාවලිය දිනයි

Match Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති අවසන් 20යි 20 තරගයෙන් ඉන්දියාව කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

හයිදරාබාද් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 187 ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

කේ.එල් රාහුල් එක් ලකුණකටත්, රෝහිට් ෂර්මා ලකුණු 17කටත් දැවී ගියා.

අනතුරුව විරාට් කෝලි සමගින් පිටියේ එක් වූ සූර්යකුමාර් යාදව් පන්දු 62 කින් ලකුණු 104 ක සම්බන්ධතාවයක් තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගුවා.

සූර්යකුමාර් පන්දු 36 කින් ලකුණු 69 ක් රැස් කළා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

විරාට් කෝලි පන්දු 48 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 63ක්. ඔහුගේ ඉනිම හයේ පහර 4කින් හා හතරේ පහර 3 කින් වර්ණවත් වුණා. හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 25(16)යි.

පන්දු යැවීමේ දී ඩැනියල් සෑම්ස් ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 186 ක් ලබා ගත්තේ කඩුලු 7 ක් දැවී සිටියදීයි.

ඉනිම ආරම්භ කළ කැමරන් ග්‍රීන් පන්දු 21 කින් වේගවත් ලකුණු 52 ක් රැස් කළේ හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් සමගින්.

ටිම් ඩේවිඩ් පන්දු 27 කින් ලකුණු 54 ක් රැස් කළා. හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී අක්සාර් පටෙල් ලකුණු 33 කට කඩුලු 3ක් දවා ගත්තා.

Leave a comment