Ultimate magazine theme for WordPress.

තාක්ෂණික පැත්තට වඩා මහේල ක්‍රීඩකයින්ගේ ඔලුවයි හදන්නේ : තීක්ෂණ

Post Match Press Conference

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස මහේල ජයවර්ධන පත් වීමෙන් අනතුරුව කණ්ඩායම තුළ ධනාත්මක ලක්ෂණ පවතින බව ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පවසනවා.

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයෙන් අයර්ලන්තය පරාජයට පත් කරමින් ලකුණු 70ක ජයක් ලැබීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙම ජයග්‍රහනයත් සමගින් ශ්‍රී ලංකාව සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලැබූ අතර, A කාණ්ඩයේ අවසන් ස්ථානයේ පසුවන නෙදර්ලන්ත කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට ද සිදු වුණා.

තාක්ෂණයට වඩා ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය නිවැරැදි තත්ත්වයට ගෙන ඒමට මහේල ජයවර්ධන කටයුතු කරන බවයි මහීෂ් තීක්ෂණ සදහන් කළේ.

පැහැදිලි මානසිකත්වයකින් තරග කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට මහේලගේ පැමිණීමත් සමග හැකියාව ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නා.

දර්ශන පහතින් නරඹන්න –

Leave a comment